Friday, March 29, 2024

මහින්ද ඥාණන්කාට වඳිනවාද ? – සමාජ මාධ්‍යයේ සංසරණ ඡායාරූපයේ ඇත්ත කතාව

පසුගිය දිනවල අගමැති මහින්ද රාජපක්ෂ අනුරාධපුරයේ සංචාරය කරන අතරවාරයේදී ‘ඥාණක්කා‘ නමින් හැඳින්වෙන සමාජ මාධ්‍ය තුළ කලකට ඉහත ආන්දෝලනාත්මකව පුවත් මැවූ කාන්තාව හමුවුණ බවත් ඇය අගමැතිවරයාට ආශිර්වාද කළ බවටත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ඥාණක්කා යනු වත්මන් රජය බලයට පත්වීමට පෙර ජනපතිවරයාට හා අගමැතිවරයාට මුලින්ම අනාවැකි පළ කළ කාන්තාව බවටත් ඇයගේ ගුප්තවේදී උපදෙස් මත යම් යම් තීරණ ගැනීම් මෙන්ම යම් යම් ගුරුකම් සිදුකිරීමට රාජපක්ෂ පවුල කටයුතු කළ බවත් ඒ නිසාම ඉහළ ජයග්‍රහණයක් අත්කරගත් බවත් පසුගිය කාලයේ පැතිරුණ කටකතාවල කියැවිණි.

මේ හේතුවෙන් ඇයට විශාල සැලකිලි ලැබී ඇති බවත් නිවාස වාහන ආරක්ෂාව ඇතුළු වරප්‍රසාද හිමිවී ඇති බවත් කියැවිණි.

අගමැතිවරයා අනුරාධපුරයේ යන අතරේ ඇය හමුවී යාම අමතක නොකරන්නට ඇතිය යන අනියත සැකයද මේ නිසා ජනිත විය. කෙසේ වෙතත් අන්තර්ජාලයේ සත්‍ය අසත්‍ය තොරතුරු විමසන Factcrescendo Sri Lanka කණ්ඩායම මගින් මෙම ඡායාරූපය ගැන විමර්ශනය කර ඇති අතර මේ ඡායාරූපයේ පෙනී සිටින්නේ එකී ඥාණක්කා නොවන බව ඔවුන් පවසා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles