Thursday, March 28, 2024

මහ බැංකුව ප්‍රතිපත්ති සහ පොලි අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමේ තීරණයක

දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව ගත් තීරණයක් බව කියයි. ▶

මහ බැංකු නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 5.00% සහ 6.00% ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

2021 නොවැම්බර් මස 24 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව මහ බැංකුව පවසයි.

දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහඅ පේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එලැඹ ඇත. ප්‍රධාන වශයෙන් සැපයුම් අවහිරතා සහ ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ඉහළ යෑම හේතුවෙන් මෑතකාලීනව උද්ධමනය ඉහළ යෑම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කර ඇති අතර, ඉදිරි කාලය තුළදී ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟාවීම සඳහා සහාය වන අතරම, සුදුසු ක්‍රියාමාර්ග මගින් මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වන සිය කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කර තිබේ.

Monetary Policy Decision:Policy rates and SRR unchanged

Standing Deposit Facility Rate (SDFR) 5.00%

Standing Lending Facility Rate (SLFR) 6.00%

Bank Rate 9.00%

Statutory Reserve Ratio (SRR) 4.00%

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles