Friday, March 29, 2024

මාස අටකට පසු ඉන්දියාව රටවල් හතරකට කොරෝනා එන්නත් යවයි.

මාස අටකට පසුව ඉන්දියාව යළිත් කොරෝනා එන්නත් අපනයනය කිරීම ආරම්භ කර තිබේ.

ඒ අනුව මියන්මාරය,බංගලාදේශය,නේපාලය,සහ ඉරානය වෙත එන්නත් තොග අපනයනය කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

මීට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේද ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත් තොගයක් අප්‍රිකානු රටවල් කිහිපයක් වෙත ලබාදී තිබේ.

කොරෝනා එන්නත් අපනයනය කිරීමේ පළමු රටවල් අතර ඉන්දියාව ද රැදී සිටියත් පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල හටගත් දරැණු කොරෝනා රැල්ල හේතුවෙන් එන්නත් අපනයනය තාවකාලිකව තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණ.

මේ වනවිට ඉන්දියාවේ කොරෝනා වසංගතය සැලකිය යුතු මට්ටමින් පාලනය කර ඇති අතර එරට තුළ කෝටි 108 ක පමණ කොරෝනා එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ද ලබාදී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles