Thursday, March 28, 2024

මෙතරම් අසීරැ කාලයක හොද අයවැයක් බැසිල්ට මිස වෙන කෙනෙකුට නම් බෑ – S.M.චන්ද්‍රසේන

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට මෙවර අයවැය ඉදිරිපත් කිරීම සිදු වූයේ ඉතාම අසීරු කාලයක බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

1948 නිදහස ලැබුවායින් පසු අයවැයක් සෑදීමේදී මුදල් ඇමතිවරයෙක් වැඩිම අභියෝගයට මුහුණ දෙමින් සකස් කරන ලද්දේ මෙවර බවද ඔහු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා හැර වෙනත් අයෙකුට මෙම කාර්යය කළ නොහැකි තත්වයක් උදාවී තිබේ දී ඔහු මෙම අයවැය ඉදිරිපත් කළ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මෙරට සිටි දක්ෂම මුදල් අමාත්‍යවරයකු වන රොනීද මැල් මහතා සිටියේ නම් මෙවර ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රශංසා කරනු ඇතැයිද චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ දී අය වැය විවාදය අමතමින් මහතා මේ බව සඳහන් කරන ලදි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles