Thursday, April 25, 2024

“මේ විශිෂ්ට රටේ පුහුණුකිරීම් කළ සෑම විනාඩියකටම මම ආදරය කරනවා” – මිකී ආතර් ප්‍රධාන පුහුණුකාර ධූරයට සමුදෙයි

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකරන බව වත්මන් පුහුණුකරු මිකී ආතර් ප්‍රකාශ කළා.


ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කොන්ත්‍රාත් ගිවිසුම් කාලය අවසන් වීම හේතුවෙනි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.


පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම භාර ගන්නා අවස්ථාව හා සැසඳීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඉහළ මට්ටමක සිටින බවයි මිකී ආතර් පෙන්වා දුන්නේ.
“මේ විශිෂ්ට රටේ පුහුණුකිරීම් කළ සෑම විනාඩියකටම මම ආදරය කරනවා” යනුවෙන් ද ඔහු සිය සටහනේ දක්වා තිබෙනවා.

තව ද තමන් මෙරට පුහුණුකාර ධූරය ආරම්භ කළ අවස්ථාව හා සසඳන කල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේවන විට ඉතා හොඳ ස්ථානයක පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ අතර තම කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස මිකී ආතර් මහතාව පත් කළ බවට එංගලන්තයේ ඩර්බිෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ සිය කණ්ඩායමට ආතර් මහතාව සාදරයෙන් පිළිගන්නා බව යි.

එයට පිළිතුරු ලෙස මිකී ආතර් මහතා ප්‍රකාශ කර ඇත්තේ ඩර්බිෂයර් කණ්ඩායමට පැමිණ “වෙනසක්” කරන්නට තමන් නොයිවසිල්ලෙන් බලා සිටින බව යි.

මේවන විට 53 වැනි වියෙහි පසුවන මිකී ආතර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක් වූයේ 2019 වසරේ දෙසැම්බර් මාසයේ යි.

හිටපු දකුණූ අප්‍රිකානු ක්‍රීඩකයෙකුවන ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට සම්බන්ධ වීමට පෙර පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

ඊට පෙර ඔහු දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය, බංග්ලාදේශය වැනි රටවල් තුළ ඇති ප්‍රාන්ත සහ ලීග් කණ්ඩායම්වල ද පුහුණුකාර ධූරය හොබවා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles