Friday, April 19, 2024

මේ වෙලාවේ උද්ඝෝෂණ පැවැත්වීම වීරකමක් නොවෙයි – චන්න ජයසුමන

සෞඛ්‍ය අංශ අසීමිතව කැපවීම් කර ලබා ගත් ජයග්‍රහණය විපක්ෂයේ උද්ඝෝෂණය නිසා විනාශවීමට ඉඩ ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) පැවැසීය.

මෙවැනි ආකාරයට උද්ඝෝෂණ පැවැත්වීම වීරත්වයට හෝ අභිමානයට හෝ හේතුවක් නොවන බව පැවසූ ජයසුමන මහතා මෙය ලැජ්ජාව සඳහා කාරණයක් බවද සඳහන් කළේය.

විපක්ෂය කෙළින පිස්සු දැක්කම එන්නත්කරණය තවත් වේගවත් කිරීමට සිදුවන බවද ඔහු පැවසුවේය.

විපක්ෂයේ හැසිරීම ගැන කනගාටු වන බවත් මෙය වගකිවයුතු විපක්ෂයක කාර්යභාරය නොවන බවත් චන්න ජයසුමන මහතා කීවේය.

කොවිඩ් මේ තත්වයට පාලනය කර ඇත්තේ සෞඛ්‍ය අංශ අසීමිතව කැපවීම් කර බවත් ඒ කිසිම දෙයක් තකන්නේ නැතිව විපක්ෂය මිනිසුන් පාරට අරගෙන උද්ඝෝෂණය සඳහා යොමු කර ඇති බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

මේ ආකාරයට මිනිසුන් එළියට බස්සවා අගෝස්තු මාසයේ ඇතිවූ තත්වය නොවැම්බර් අන්තිම සතියේ ඇති කිරීමට කටයුතු නොකළ යුතු බවත් මේ අවස්ථාවේදී රට ගැන හිතන්නැයි තමා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ජයසුමන මහතා කීවේය.

විපක්ෂය මෙයට වඩා නිර්මාණශීලී විය යුතු බවත් අප මේ වෙලාවේ විපක්ෂයේ සිටියේ නම් මේ විදියට නොහැසිරෙන බවත් ඔහු පැවසුවේය.

මේ විදියට උද්ඝෝෂණ දෙක තුනක් ලැහැස්ති කළොත් විපක්ෂනායකවරයාගේ කළමනාකරණය දුර්වල බව ඔප්පුවීමෙන් ඔහුගේ විපක්ෂනායකකමත් නැතිවන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles