Friday, March 29, 2024

මෛත්‍රී පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකරුවෙකු නොවේ

පාස්කු ඉරිදා ම්ලේච්ච අන්තවාදී ප්‍රහාරයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු ආකාරයෙන්වත් වගකිවයුත්තෙක් නොවන බවත් එසේනම් මීට පෙර මෙරට සිදුවූ අන්තවාදී ම්ලේච්ච ප්‍රහාරයන්ට හිටපු ජනපතිවරුන්ද වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.ඩබ්ලිව්.ෂාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.

අම්බලන්ගොඩ පැවති ජන හමුවකදී ඔහු මේ බව පැවසීය.

අන්තවාදී පිරිස් විසින් එල්ල කළ ම්ලේච්ච ප්‍රහාරයන් රැසක්ම මීට පෙර මේ රටේ සිදුවූ බවත් ඒ ප්‍රහාරයන් හිදී පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මිය ගිය පිරිස මෙන්ම ඒ සෑම ප්‍රහාරයකදීම මිය ගියේ ශ්‍රීලංකිකයින් බවත් ඒ ප්‍රහාරයන් පිළිබදව වගකිවයුත්තෙක් ලෙසට කවදාවත්ම කවුරුවත්ම හිටපු ජනාධිපතිවරුන්ගේ නම් යෝජනා නොකළ බවත් මෙහිදී විජයලාල් මහතා කීවේය.

අරන්තලා භික්ෂු ඝාතනය,ජය ශ්‍රී මහා බෝධි ප්‍රහාරය,අරලගන්විල පොලිස් නිලධරුවන්ගේ ඝාතනය,මහ බැංකු බෝම්බ ප්‍රහාරය වැනි අන්තවාදී ප්‍රහාර රැසක්ම එදා මේ ලංකාවේ සිදුවුවත් එවකට රට පාලනය කළ ජනාධිපතිවරුන්ට මේ සම්බන්ධව ඇගිල්ල දිගු නොවූ බවද විජයලාල් මහතා කීවේය.

දැන් එක එක්කෙනා තම තමන්ගේ අඩුපාඩු වැරදි වහගන්න හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු ඉරිදා ප්‍රහාරයක් ඉදිරියට දමාගෙන මඩ ගසන බවත් මෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිගමනට එයින් කිසිදු හානියක් නොවන බවත් විජයලාල් මහතා කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles