Saturday, April 20, 2024

මොල්නපියවීර් ඖෂධය සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නැහැ – චන්න කිවිවෙ බොරු බව සුදර්ශනී කියයි

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මොල්නපිරවීර් කරලට මෙරට කොරෝනා තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.ඒ, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කළ ප්‍රකාශයක් මුල්කරගෙනය.

ඇමැතිවරිය කියා සිටියේබ්‍රිතාන්‍ය විසින් නිෂ්පාදනය කර ඇති මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගෙන ඒමට මෙතෙක් අනුමැතියක් ලැබී නැති බවයි.

ඖෂධ නියාමන අධිකාරිය හෝ කොරෝනා සම්බන්ධයෙන් ඇති තාක්ෂණික කමිටුව මෙතෙක් ඒ සඳහා තමන් දන්නා තරමින් අනුමැතියක් ලබා දී නැතැයි ද ඇය පැවසුවාය.

කොරෝනා සඳහා ගෙන යන ඕනෑම ඖෂධයක් සඳහා එම ආයතන දෙකේම අනුමැතිය අවශ්‍ය බවද පැවසූ ඇය තවම මෙතෙක් එවන් අනුමැතියක් ලැබී නැති බවද කියා සිටියාය.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ මෙම ඖෂධය මෙරටට ආනයනය කිරීම සඳහා කොරෝනා මර්ධන තාක්ෂණ කමිටු අනුමැතිය ලැබී ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles