Saturday, April 20, 2024

යහපාලන ආණ්ඩුව තිබුණා නම් අද ඩොලරය 180යි. ඩීසල් 126යි.පෙට්‍රල් 130යි.

යහපාලන ආණ්ඩුව පැවතියේ නම් අද වන විට ඉන්ධන මිල වන්නේ ඩීසල් ලීටරයක් රුපියල් 126 ක් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 130 ක් පමණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

තම ආණ්ඩුවක් පැවතියේ නම් ඩොලරයක් 180ක් පමණක් වනු ඇති බවත් ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

“වෙළෙඳපොලේ තෙල් මිල පහලට ඇවිල්ලා තියෙනවා. බොරතෙල් මිල ඩොලර් 98 යි මේ වෙනකොට. ඉතින් ඇත්තටම යහපාලන කාලේ තිබුණු ඩොලරයට රුපියල් 180 ට තිබුනනම් සහ මේ මිල ගත්තා නම්, අද වෙනකොට ඇත්තටම ඩීසල් ලීටරයක මිල වෙන්නේ, රුපියල් 126 යි. පෙට්‍රල් ලීටරයක් වෙන්නේ රුපියල් 130 යි.

එහෙමනම් රටේ ජනතාවට තේරෙනවා අද පෙට්‍රල්, ඩීසල් හිඟයට අමතරව කොයිතරම් මුදලක් මේ ආණ්ඩුව ඉන්ධනවලට පනවල තියෙන සහගහන බදු හරහා ජනතාවගෙන් පික් පොකට් ගහනවද කියලා මහජනතාව පෝලිම් වල ඉන්න අතරේ. මතක තබා ගන්න ආදායම් ඉතාමත්ම අඩු වෙලා තියෙන මේ අවස්ථාවේ දී පෙට්‍රල්, ඩීසල් වලින් රුපියල් 120 ට අධික ප්‍රමාණයක මුදල් බදු වලටත් අමතරව ලාභ හැටියට උපයා ගන්නවා.

ඒ වගේම ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අනෙක් පැත්තෙන් ජනතාවට මේවට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම මේ ආකාරයට මේ පෙට්‍රල්, ඩීසල් හෝ බොරතෙල් ගෙන්වීම ලංකාවට කරන්න බැහැ. මොකද මේ විදිහට යන්තම් චුට්ට චුට්ට කරගෙන මේ රීලෝඩ් ක්‍රමයට මේක කරගෙන යන්න පුළුවන් කමක් නැහැ.

ඒ සඳහා ස්ථිරසාර වැඩපිළිවෙලක් රටට අවශ්‍යයි. ඒක කරන්න මේ ආණ්ඩුව අසමත්. ඒ නිසා ගෑස් පෝලිම් වල, පෙට්‍රල් පෝලිම් වල, ඩීසල් පෝලිම්වල දුක් විඳින ජනතාව දැන් ඉදිරියට ඇවිල්ලා තමන්ගේ ජීවන අයිතිය වෙනුවෙන් නැගී සිටීම ඉතාම අවශ්‍ය කරලා තිබෙනවා” යැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles