Friday, April 26, 2024

යළි සීමා පැනවීමේ සූදානමක්

සෞඛ්‍ය නීති රීති ලිහිල් කළ පසු ජනතාවගේ හැසිරීම පිළිබඳව කණගාටුවන බවත් සෞඛ්‍ය නීති රීති තව දුරටත් ආරක්‍ෂා කරන ලෙස ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසූවා.

සීමාවන් ලිහිල් කරගෙන යන විට සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන තත්වයක් දැකිය හැකි බවත්  සීමාවන් ගිහිල් කළත් කරුණාකර සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස සෑම අවස්ථාවකම මහ ජනතාවට ආයාචනා කරන බව ද අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

මුව ආවරණය නිවැරදිව පැළදීම, පුද්ගලයන් ඒකරාශී වන ස්ථානවලට යෑම හැකි තරම් අඩු කිරීම වැනි මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් ශ්‍රී ලංකාව තවමත් දිනකදී රෝගීන් 500 ක් හදුනාගන්නා තත්වයක් ඇති බවත් පැවසූ හෙතෙම සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකළ හොත් නැවත සීමාවලට යෑමට සිදුවන බවත් කියා සිටියා.

සියලු දෙනාම විනෝදවීමට කැමති වුවද ඉදිරි මාස දෙක තුළ ඉවසගෙන ආරක්‍ෂාවෙන් සිටිය හොත් විශාල සාර්ථකත්වයක් ලබාගත හැකි බවත් ඇඳිරිනීතිය නොමැති වීම නිසා ජනතාව පසු පස හඹායෑමට නොහැකි බවත් ඔහු අවධාරණය කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles