Friday, March 29, 2024

යාපනය ශ‍්‍රී ලංකාවේ උතුරේ පළාතේ කොටසක් මිස වෙනත් රටක දකුණේ කොටසක් නොවේ – චීන තානාපති

යාපනය යනු ශ‍්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි නගරයක් මිස එය වෙනත් කිසිදු රටක දකුණින් පිහිටි නගරයක් නොවන බව කොළඹ සිටින චීන තානාපතිවරයා සඳහන් කරයි. මෑතක දී තමන් යාපනයේ සිදු කළ සංචාරය පසුපස කිසිදු සැඟවුණු න්‍යාය පත‍්‍රයක් නැති බවද ඒ මහතා පැවසීය. කොළඹ චීන තානාපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී ජනමාධ්‍යවේදීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

“යාපනය කියන්නේ ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි නගරයක් මිස වෙනත් රටක දකුණු ප්‍රදේශයේ පිහිටි නගරයක් නොවෙයි.

මම යාපනයට ගියේ රහස් ගමනක් නොවෙයි, විවෘත සංචාරයක්.” යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන්ග්හොංග් පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස විවිධ ප්‍රදේශවල සංචාරය කිරීම තමන්ගේ යුතුකමක් බව පවසන තානාපතිවරයා කොරෝනා වසංගතය නිසා තමනට එම කටයුත්ත සිදු කළ නොහැකි වූ බවත් රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට බොහෝ කලක සිට සැලසුම් කර තිබූ බවත් ඔහු තව දුරටත් පවසා තිබේ.

මාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැති සුහද සාකච්ඡාවකදී චීන තානාපතිවරයා පසුගියදා යාපනයේ සංචාරය කිරීමට හේතුව කුමක්දැයි මාධ්‍යවේදියකු විමසා සිටි අවස්ථාවේ දී තානාපතිවරයා මේ පිළිතුර දුන්නේය.

චීන තානාපතිවරයාගේ යාපනය සංචාරය පිළිබඳ දෙමළ ජාතික සන්ධානය විරෝධය පළකර තිබිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles