Thursday, March 28, 2024

රජයේ ප්‍රතිපත්තියට විරුද්ධව ගිය පළිබෝධනාශක තහනම ඉවත් කර ගැසට් ගැසූ රෙජිස්ට්‍රාර්වරයාට වැඩ වරදී

වසර හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේ තහනම් කර ඇති පළිබෝධනාශක වල තහනම තවදුරටත් ක්‍රියාත්මක බවයි.

මේ අනුව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කර ඇති 2021.11.01 දිනැති ගැසට් නිවේදනය බල රහිත කරන බවද ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බව අමාත්‍යවරයා පවසනවා.

රජයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහු පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.

ග්ලයිෆොසෙට් වල් නාශක තහනමක් ඉවත් කිරීම හේතුවෙන් පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයා ධුරයෙන් ඉවත් කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ගල්යිපොසේට් ඇතුළු පළිබෝධනාශක 5 තහනම් කරමින් 2014 වසරේදී නිකුත් කර තිබූ ගැසට් නිවේදනය පිළිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයා විසින් ඊයේ දිනයේ අවලංගු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

ඊයේ දිනයේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය අද දිනයේ ඉවත් කර ගන්නා බවද ඇමතිවරයා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles