Saturday, April 20, 2024

රසායනික පොහොර ආනයනය තහනම් කළ ගැසට්ටුව රිවස් කරමින්
රසායනික පොහොර,කෘමිනාශක,වල්නාශක අද සිට ආනයනයට අවසර දෙයි

රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ආනයනය කිරීමට අද (24) සිට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔහු වැඩි දුරටත් පැවසුවේ, මීට අදාළව 2021 අප්‍රේල් මාසයේ 26 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අද (24) දිනයේ සිට ඉවත් කිරීමට ඊයේ තීරණය කළ බවයි.

ඒ අනුව, පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කර වෙළඳපොළට නිකුත් කිරීමේ අවස්ථාව උදාවනු ඇත.

ඒ අනුව අද සිට රසායනික පොහොර ඇතුලු වගාවන් සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය පුද්ගලික අංශයට ආනයනය කිරීම සදහා අවසර ලබා දෙන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේය.

මෙම වසරේ අප්‍රියෙල් මාසයේ අදාල තහනම පනවනු ලැබුවේ ජනාධිපතිවරයා යොමු කළ කැබිනට් පත්‍රිකාවක් මගින්.

පළිබෝධනාශක ආනයනකරුවන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (23) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී එළවළු සඳහා අවශ්‍ය දිලීර නාශක සහ පළිබෝධනාශක ආනයනය පිළිබඳව සාකච්ඡා කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

එසේම දැනට ආනයනකරුවන් සතුව පවතින දිලීර නාශක සහ පළිබෝධනාශක සහනදායි මිල ගණන් යටතේ අලෙවි කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී ඔවුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙවන් තත්ත්වයක් තුළ තමන්ට පොහොර ලබා දෙන ලෙස ඉල්ලා ගොවීන් පසුගිය කාලයේ විරෝධතාවල නිරත වුණා..

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles