Friday, April 19, 2024

රාජපක්ෂලාට ජනතාව ළඟදීම හොඳ දෙයක් කරනවා

රටේ තිබෙන ගුරු විදුහල්පති වැටුප් , පොහොර හා හාල් යන ප්‍රශ්න හැකි ක්‍රමයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය රටට ඉදිරිපත් කරනවා.

ඒ රාජපක්ෂ පවුලේ පැන්ඩෝරා අක්කා සඟවා ඇති අති මහල් කන්දරාව මගින්.

නිරූපමා රාජපක්ෂ මහත්මිය දැන් හඳුන්වන්නේ පැන්ඩෝරා අක්කා නමින් බවද සඳහන් කරන ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඔවුන් සතු ධනයේ ප්‍රමාණයද පෙන්වා දෙනවා.

ඇය ඇගේ ස්වාමි පුරුෂයා සමඟ කරපු වංචාවේ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 160 ක් බවත් එම මුදලින් එක් දවසකට රු. ලක්ෂය බැගින් වියදම් කළහොත් ඔවුන් සතු මුදල වසර 800කට වඩා වැඩි කාලයක් ජීවත්වීමට වියදම් කළ හැකි බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය අනාවරණය කරන්නේ.

මැදපෙරදිග සේවය කරන මෙරට කාන්තාවන් හා රාජපක්ෂවරු අතර ඇත්තේ ඉතා සුළු වෙනසක් බවයි හිටපු මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ.

මැදපෙරදිග සිටින කාන්තාවන් හරිහම්බ කරන මුදල් මෙරටට එවන බවත් රාජපක්ෂවරු මෙරට ඩීල් දමා හරි හම්බ කර ගන්නා මුදල් විදේශ රටවලට යැවීම එම වෙනස බවයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරන්නේ.

රාජපක්ෂවරුන්ගේ පවුල් පිටින් ජීවත් වන්නේ , ඔවුන්ගේ දේපළ වත්කම් තිබෙන්නේ විදේශ රටවල බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය රාජපක්ෂවරු මෙරටින් ගසා කන මහජන මුදල් එම රටවලට යවන බව අවධාරණය කරනවා.

රටේ ජනතාව අද විඳින දුක රාජපක්ෂ පාලනයට නොදැනෙන්නේ නම් ඔවුන් ලාදුරු රෝගීන් හා සමාන බවයි හිටපු මන්ත්‍රීවරියගේ මතය වන්නේ.

ජනතාවට කන්න බොන්න මෙන්ම ගෑස් , කිරිපිටි නැති බව අවධාරණය කරන ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පඹයන්ට ගහන මහජනතාව තව ටික කලක් යන විට රාජපක්ෂලාට එළියට බහින්න බැරි වෙන විදිහට කටයුතු කරන බවට අනතුරු ඇඟවීමක්ද කරනවා.

තව ටිකක් කලක් යන විට රාජපක්ෂ නම තියෙන ඕනෑම කෙනෙකුට මහ පාරෙදි මහජනතාව පහර දෙන තරමටම රාජපක්ෂ නම ජනතාවට එපා වී ඇති බවයි හිටපු මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ අදහස් පළ කළේ “ජනතාවාදී විපක්ෂයේ” මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles