රුසියානු විදේශ අමාත්‍ය ලැව්රොව්ගේ එක්සත් ජාතීන්ගේ කතාව අතරතුර රාජ්‍ය තාන්ත්‍රිකයෝ නැගිට පිටව යති

0
268

අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව අමතා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් කළ කතාවක් අතරතුර රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල වශයෙන් අසුන් වලින් නැගිට පිටව ගිය අතර රුසියාවට දැක්වූ අවඥාව එයින් පැහැදිලි විය.

එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් විරෝධතාවයෙන් පිටව යාමට පටන් ගත් අතර එය අනුගමනය කරමින් අනක් අයද එසේ කළහ.සඳුදා යුරෝපා සංගම් රාජ්‍යයන් රුසියාවේ පියාසැරි මාර්ගය අවහිර කරන බව ජිනීවාහි රුසියානු දූත පිරිස ඉදිරියේ ප්‍රකාශ කළ නිසා අවලංගු කරතිබූ විදේශ ඇමති සර්ජි ලැව්රොව් යළි පැමිණෙන බව දන්වා මාර්ග ගත ක්‍රමයට දුරස්ථව සභාව ඇමතුවේ යම් වාසියක් ලබාගන්නටය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් සිටියදී මෙම නොසැලකිල්ල ඔහුට සිදුවිය. එක්සත් ජාතීන්ගේ යුක්රේන තානාපති Yevheniia Filipenko පැවසුවේ සංවිධානය ‘තමන්ගේම මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා ඉතා ශක්තිමත් ස්ථාවරයක්’ ගන්නා බවයි.

Gossiplankanews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here