Saturday, April 20, 2024

රුසියාව හා යුක්රේන ගැටුම් මධ්‍යයේ ඉන්දියාව ලොව ප්‍රමුඛතම තිරිඟුපිටි අපනයනකරු බවට පත්වීමට සැලසුම් කරයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින ගැටුම මධ්‍යයේ ඉන්දියාව ලොව ප්‍රමුඛතම තිරිඟු අපනයනකරු බවට පත්වීමට සැලසුම් කරමින් සිටින බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඒ ඉහළ සැපයුම්කරුවන් වන රුසියාවෙන් සහ යුක්‍රේනයෙන් සැපයුම අවම වීම නිසාය.

මේ සඳහා විකල්ප සොයන ගැනුම්කරුවන්ගේ ඉල්ලීම් විශාල සංඛ්‍යාවක් මධ්‍යයේ ඉන්දියාව ඉන් ප්‍රයෝජන ගැනීමට සූදානමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.අපනයන වර්ධනය සහතික කිරීම සදහා ඉදිරි සති දෙක තුළ නවදිල්ලිය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට නියමිතව ඇත.

අපනයනය සඳහා තිරිඟුවල ගුණාත්මකභාවය වහා පරීක්ෂා කිරීමට රජයේ සහතික ලත් රසායනාගාරවලට නියෝග කිරීම, තිරිඟු අපනයනයට වරාය බලධාරීන් ප්‍රමුඛත්වය දීමට සැලැස්වීම සහ ධාන්‍ය ප්‍රවාහනය සඳහා අමතර දුම්රිය පහසුකම් ලබාදීම ඊට ඇතුළත් වේ.

එළඹෙන මාර්තු 31 වැනිදායින් අවසන් වන වත්මන් මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාව තිරිඟු ටොන් මිලියන 7ක් අපනයනය කිරීමට ගිවිසුම් අත්සන් කර ඇත.එහෙත් වර්තමාන අපනයන අගය ඉන්දියාව තවමත් 01කට පත්ව නොමැත.

එහෙත් රුසියාව දැනට ලොව විශාලතම තිරිඟු අපනයනකරුවා වුවත්, යුක්රේනය ආශ්‍රිත සම්බාධක හේතුවෙන් පසුගිය මාසයේ රුසියාවෙන් ධාන්‍ය නැව්ගත කිරීම් අඩකට වඩා අඩුවූ බැවින්, මෙය ඉන්දියාවට වාසිදායක තත්ත්වයක් වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles