Thursday, April 25, 2024

ලංකාවෙන් කිසිම වියදමක් ගියේ නෑ. වීඩියෝව පරණ එකක් – නාමල් කියයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාලදිවයිනේ කළ සංචාරයකදී ජල ක්‍රීඩා කරන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් මේ දිනවල සමාජ ජාල වල හුවමාරු වෙමින් පවතී.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එම පින්තූර මීට කලකට පෙර සිදු කල සංචාරයක දී ගත් ඒවා බවයි.

එරට ජනාධිපතිවරයාද සහභාගී වූ ක්‍රීඩා සම්මාන උළෙලකට එරට ආරාධනයෙන් තමන් සහභාගි වූ බව ද ඔහු පැවසීය.

අදාළ සංචාරය සඳහා ශ්‍රී ලංකා රජයෙන් කිසිදු වියදමක් සිදු නොවූ බව ද හෙතෙම පැවසීය.

එම පින්තූර සහ වීඩියෝ කිසිවකු විසින් මෑත කාලයේදී නැවතත් සමාජ ජාල වලට එක් කර ඇති බව ද ඔහු තව දුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles