Thursday, April 25, 2024

ලබන මාර්තු මාසය වන විට අමතර කොවිඩ් මරණ ලක්ෂ 07 ක් ගැන WHO වෙතින් අනතුරු ඇඟවීමක්

යුරෝපා කලාපය, යළිත් කොරෝනා ව්‍යාප්තියේ අධි අවදානම් තත්ත්වයකට පැමිණ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙම ප්‍රවණතාව අඛණ්ඩව පැවතුනහොත් යුරෝපා මහද්වීපයෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ශීත ඍතුවේදී මිලියන 2 ඉක්මවා යනු ඇති බවටයි එම සංවිධානය අනතුරු අගවන්නේ.

යුරෝපයේ සහ ආසියාවේ ඇතැම් කොටස්වල කොවිඩ් තත්වය හමුවේ ලබන මාර්තු මාසය වනවිට අමතර පුද්ගල මරණ ලක්ෂ 07 ක් පමණ වාර්තා විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටින්නේ.

කෙසේවෙතත් ඉකුත් ඉරිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂකවරයා පැවසුවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හදිසි පියවර නොගතහොත් එළඹෙන මාර්තු මාසය වන විට තවත් කොරෝනා මරණ පන් ලක්ෂයක් පමණ යුරෝපයෙන් වාර්තා විය හැකි බවයි. ඒ අනුව යුරෝපයේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය පුරෝකථන කෙටි කලක් තුළ විටින් විට වෙනස් කරමින් සිටින බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

තවත් කොරෝනා රැල්ලක ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා යුරෝපා රටවල් මේවනවිට ප්‍රබල සටනක නිරත වී සිටිනවා. ඒ අනුව කොරෝනා ව්‍යාප්තියේ දැඩි අවදානමකට මුහුණ පා සිටින්නේ ජර්මනිය, ඔස්ට්‍රියාව, පෝලන්තය, බෙල්ජියම, නෙදර්ලන්තය, ප්‍රංශය හා ඉතාලියයි.

යුරෝපා කලාපයේ රටවල් 53 ක මේ වනවිටත් කොවිඩ් මරණ ලක්ෂ 15 කට වැඩි සංඛ්‍යාවක් සටහන් වී ඇති බවයි ඔවුන් නිකුත් කළ නවතම වාර්තාව පෙන්වා දෙන්නේ.

ලබන මාර්තු මාසය වනවිට ඉන් රටවල් 49 ක පමණ දැඩි සත්කාර ධාරිතාවයන් ඉක්මවා යනු ඇති බවද එහි සඳහන් වනවා.

යුරෝපය තුළ නැවත වරක් කොවිඩ් වසංගත රැල්ලක් පැතිර යමින් පවතින අතර ඔස්ට්‍රියාව නැවතත් පූර්ණ ලොක්ඩවුන් තත්වයකට පත් කර තිබෙනවා.

ප්‍රංශය – ජර්මනිය සහ ග්‍රීසිය වැනි රටවල් ද යළිත් සංචරණ සීමා පැණවීමෙන් තොරව එය පාලනය කර ගැනීමට කොවිඩ් මර්දන දැඩි නීති පනවමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවෙිය.

පවතින තත්ත්වය අනුව කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් කඩිනම් කිරීමටයි යුරෝපා රටවල් මේවනවිට සැලසුම් කර ඇත. මේවනවිට යුරෝපා කොමිසමට අයත් රටවල සමස්ථ ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇත්තේ සියයට 67.7 % ක ප්‍රතිශතයක් පමණයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles