Friday, March 29, 2024

ලබන 01 දා සිට විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර හිමිවෙි

එළඹෙන නොවැම්බර් පළමු වැනිදා සිට විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු අදියරෙන් අදියර නැවත ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අවසර ලබාදී තිබෙනවා.

එම සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අවධාරණය කලේ අදාළ දින තීරණ කිරීමේ බලය එම විශ්ව විද්‍යාල වල උප කුලපතිවරුන්ට පවරා ඇති බවයි.

විශ්ව විද්‍යාල සඳහා පැමිණිමට අවසර හිමිවන්නේ පළමු අදියර යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සති 02ක් ගතවූ විශ්ව විද්‍යාල සිසුන්ට පමණයි.

එමෙන්ම විශ්ව විද්‍යාල වල අධ්‍යයන කටයුතු සඳහා ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 25ක් පමණක් බැගින් සහභාගී කරගන්නා ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා.

වැඩි දුරටත් කරුණු සඳහන් කරමින් එතුමා සඳහන් කළේ අද (26) සිට ඕනෑම දිනක සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්ට විශ්වවිද්‍යාල විවෘත කිරීමට අවසර ලැබෙන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles