ලාෆ් ගෑස් බෙදාහැරීමත් නවතයි

0
273

මෙරට ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම අද (16) සිට අත්හිටුවා ඇති බව ලාෆ් ගෑස් සමාගම සදහන් කරයි.

ගෑස් සමාගම සතුව ප්‍රමාණවත් ගෑස් තොග නොමැතිවීම මෙයට ප්‍රධානම හේතුව බව ඔවුන් සඳහන් කරයි.

එම ගෑස් සමාගම දිනකට දෛනිකව ගෑස් සිලින්ඩර් 40,000ක් වෙළෙඳපොළට නිකුත් කරන අතර, පසුගිය සමයේ එය සිලින්ඩර් 2,000ක් දක්වා පහත දමා තිබුණා.

මෙරටට ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගෙන ආ නෞකාවක් මේ වන විට ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතර කර ඇති අතර එම ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැති බවත් වාර්තා වෙනවා.

රට මුහුණ දී ඇති බරපතල ඩොලර් හිඟය හේතුවෙන් ගෑස් මිල දී ගැනීමට අවශ්‍ය විදේශ ණය අණකර විවෘත කිරීමට නො හැකි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here