Saturday, April 20, 2024

වාහන අනතුරු බද්දෙන් පොඩි මිනිහාගේ පොකටිටුවට තටිටු කරලා – රැවන්

වාහන අනතුරු බද්දක් පනවා රජය මෙවර අය වැයෙන් මධ්‍යම පාන්තිය සාමාන්‍ය ජනතාවගේ පොකට්ටුවට තට්ටු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය ජනතාවගේ සාක්කු පිරවූ නමුත් සෞභාග්‍යයේ දැක්මෙන් ජනතාවගේ පොකට්ටුවට තට්ටු කර ඇතැයි ද නියෝජ්‍ය නායකයා සදහන් කළේය.

“ආණ්ඩුව ගැන ලොකු බලාපොරොත්තුවක් ජනතාවට නැතත් අය වැයෙන් යම් සහනයක් ලබා දේවි යැයි ජනතාව පොඩි විශ්වාසයක් තබාගෙන හිටියා. නමුත් බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ මංගල අය වැය ලේඛනය පුස්සක් බව මේ වන විට රටට හෙළි වෙලා අවසන්”යැයිද  කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් රුවන් විජයවර්ධන මහතා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles