Saturday, April 20, 2024

වැටුප් නොගෙවන ප්‍රකාශයට ගුරු සංගම් වලින් ප්‍රතිචාර

හෙට දිනයේදී සේවයට වාර්තා නොකරන ගුරුවරුන්ගේ නොවැම්බර් මාසයට අදාල වැටුප කපා හැරීම සම්බන්ධයෙන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා සිදුකල ප්‍රකාශයට ගුරු සංගම් ප්‍රතිචාර දක්වා සිටියා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේ එවැනි දේශපාලඥයින් සම්බන්ධයෙක් කණගාටුවට පත්වන බවයි.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ සභාපතිවරයාද වන වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසින්.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාද පුවත්පත් දැන්වීමක් පළ කරමින් සඳහන් කර ඇත්තේ හෙට දිනයේ සිසුන් 200 ට අඩු පාසැල්වල විදුහල්පති සහ ගුරුවරු අනිවාර්යෙන් සේවයට වාර්තා කළ යුතු බවයි.

පාසලට පැමිණෙන ගුරුවරුන්ගෙන් ජ්‍යෙෂ්ඨතමයා වැඩ බලන විදුහල්පති ලෙස පත්කර පාසල් කටයුතු පවත්වාගෙන යන බව ද එම පුවත්පත් දැන්වීමේ සඳහන්.

අද පෙරවරුවේ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූවා.

අදාල පාසල් වල ප්‍රාථමික ශ්‍රේණි හෙට දිනයේ ආරම්භ කරන අතර ඒ සඳහා වූ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී තිබෙනවා.

පළමු සති කිහිපයේ දරුවන්ගේ මානසික තත්ත්වය වර්ධනය කිරීමේ ක්‍රියාකාරකම් ඊට ඇතුළත්.

අදියර කිහිපයක් යටතේ අනෙකුත් ශ්‍රේණි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

මේ අතර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු සඳහා සහභාගී වන්නේද නැද්ද යන්න අද දිනයේදී තීරණය කිරීමට නියමිත බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles