Thursday, April 25, 2024

වැඩවර්ජනය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 10ක පමණ පාඩුවක් – දුම්රිය සාමාන්‍යාධිකාරී

වෘත්තිය සමිති හදිසියේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 10ක පමණ පාඩුවක් සිදුව ඇති බව දුම්රිය සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසයි.

දුම්රිය සමාන්‍යාධිකාරීවරයා පවසන්නේ ප්‍රවේශපත්‍ර නොමැතිව මගීන් එදින දුම්රියේ ගමන් කර ඇතැයි වාර්තා වෙමින් ඇති බවයි.

පෙරේදා (15) දුම්රිය ස්ථානාධිපතිවරුන් යළි ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඇතැම් දුම්රිය ධාවනය අතරමග ඇණහිටියේය.

දුම්රිය වෘත්තීය සමිති වර්ජනය ආරම්භ කිරීමත් සමඟ බොහෝ ස්ථානවල දුම්රිය සංඥා බිද වැටුණු අතර ඇතැම් දුම්රිය අතරමඟ නවතා දමා දුම්රිය රියදුරන් ඉන් පිටව ගොස් තිබුණා.

එම තත්ත්වය තුළ දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත්විය. මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ වර්ජනය පැවැති දිනවල අතරමග දුම්රිය නවතා මගීන් අපහසුතාවට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles