Tuesday, April 23, 2024

විද්‍යුත් සංඛ්‍යා ලේඛන පද්ධතියේ බිඳවැටීමක් නිසා විදේශ අමාත්‍යංශයේ සහතික කිරීමේ සේවා සීමා කෙරේ

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ (e-DAS) බිඳවැටීමක් හේතුවෙන්, පසුගිය සතිය තුළ සහතික කිරීමේ සේවා අඩාල වූ අතර සේවා සැපයීමේ දී දිගු ප්‍රමාදයක් ඇති වූ බව විදේශ අමාත්‍යාංශය දැනුම් දෙයි.

එසේම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ශාඛා ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇති බව විදේශ අමාත්‍යංශය නිවේදනය කළේය.

මෙම ගැටළු නිරාකරණය කිරීම සඳහා අමාත්‍යාංශයේ තාක්ෂණික කණ්ඩායමක් මේ වන විට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

ඒ අනුව අද (22) සිට සේවා අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයන් 150 දෙනෙකු සඳහා පමණක් කොන්සියුලර් කටයුතු අංශය විසින් සිය සේවා දෛනිකව සපයන බවයි විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles