Friday, March 29, 2024

IMF යන්න ඔිනෙ නෑ. කංසා වගා කර මුදල් සොයමු – ඩයනාගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්

ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සොයා යායුතු නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවා.

2022 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන් වන දින විවාදයට එක්වෙමින් ඇය සඳහන් කළේ කංසා බෝගය වගා කිරීමෙන් විදේශ විනිමය උපයා ගත හැකි බවයි.

“අපට වාණිජ භෝගයක් ඉතිරි වෙලා නෑ .නමුත් අපිට සොබාදහමෙන් හා දෙවියන්ගෙන් ලැබිලා තිබෙනවා භෝගයක්.ඒ තමයි කංසා .මම යෝජනා කරනවා මේ රට තුළ රජයේ අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කර වගා කළ යුතුයි. අපි යන්න ඕනේ නෑ IMF එකට සල්ලි ගන්න.කාගෙන්වත් ණය ගන්න ඕනත් නැහැ. අපිට පුළුවන් මේ බෝගය වගා කරලා මේකෙන් විදේශ විනිමය සපයා ගන්න ” යනුවෙන් ඇය සඳහන් කළා.

කංසා වගාව නීතිගත කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා
ගමගේ ඊයේ (16දා) පාර්ලිමේන්තුවේදී යෝජනා කළාය.

ඒ අනුව කංසා වගාව නීතිගත කරන ලෙස තමා මුදල් ඇමැතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කරන බවද ඇය පැවසුවාය.

අප කිසිවකුගේ ළඟට ගොස් සිඟා කෑමට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණය ලබා ගැනීමට
අවශ්‍ය නොවන බවත් කංසා වගාව අපට සොබාදහමෙන්ම ලබා දුන් වාණිජ බෝගයක් බවත් මන්ත්‍රිවරිය පෙන්වා දුන්නාය.

වෙනත් රටවල් කංසා වගාවෙන් ඉතා විශාල ධනයක් උපයන අතර යුරෝපා ආයෝජන බැංකුවට අනුව
ගෝලීය කංසා වෙළෙඳපොළේ අගය ඊළඟ දශකයේ 1000%කින් ඉහළ යන බවත් 2027 වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 140ක් මෙමඟින් ආයෝජනය කළ හැකි බවට පුරෝකථනය කර ඇති බවත් ඇය පැවැසුවාය.

ඉන් 57%ක් නීත්‍යානුකූල කංසා බවත් ඒවා උතුරු ඇමෙරිකාවේ හා යුරෝපයෙන් වාර්තා වන අතර
2018 ලෝක වෙළෙඳපළේ කංසා නිෂ්පාදන වෙළෙඳපොළ අගය ඩොලර් බිලියන 4 -5 අතර තිබෙන බවට පුරෝකථනය කර ඇතැයිද මන්ත්‍රිවරිය කීවාය.

එමෙන්ම ඩොලර් බිලියන ගාණක ආදායමක් ලැබෙන හෙයින් 2025 වනවිට කංසා වෙළෙඳපළ 8.5% –
10.6% අතර බව ඇස්තමේන්තුගත කර තිබෙන බවද ඇය පැවසුවාය. මන්ත්‍රිවරිය වැඩිදුරටත් පැවසුවේ මේ කංසාවලින් විෂාදය ඇතුළු ලෙඩ රෝග කිහිපයකට මෙන්ම රූපලාවණ්‍ය කටයුතු සඳහාද යොදා ගන්නා බවත් මෙය ඉතා වටිනා වාණිජ බෝගයක් බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඩයනා ගමගේ මහත්මිය,

“2025 වන විට කංසා සඳහා ලෝක වෙළෙඳපොළ අගය ඩොලර් බිලියන 8.6ත් 10.5 අතර වන ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. ලංකාවේ බොහෝ ඖෂධ නිසි පරිදි වගාකර, අපට අපනයනය කර විදේශ විනිමය ලබාගත හැකියි. අපි යන්න ඕනේ නෑ  IMF එකට සල්ලි ගන්න. IMF එකට යන්න ඕනෙත් නෑ, කාගෙන්වත් ණය ගන්න ඕනත් නැහැ. අපිට පුළුවන් මේ බෝගය වගා කරලා, මේකෙන් විදේශ විනිමය අපට සපයා ගන්න පුළුවන්.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles