Thursday, March 28, 2024

විපක්ෂයේ ඉන්න කොට හැමෝම බෝසත්, ආණ්ඩුව ගත්තාම දේවදත්ත වෙනවා – ඩලස්

හැම පක්ෂයක්ම විපක්ෂයේ සිටින විට බෝසතුන් වන බවත් ආණ්ඩුව ගත්තාම දේවදත්ත වෙන බවත් ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

අයවැය පිළිබඳ දෙවැනි වර කියවීමේ පස්වැනි දින විවාදයට එක් වෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.

ඉතිහාසයේ සිට සිදු වුණේ මෙයයි. අපි ඇඟිල්ල දිගු කරන්නේ අප්‍රසන්න වගකිම් විරහිත ඉතිහාසයකට විනා අනාගතයට නොවේ. දින පහක් අයවැය සම්බන්ධයෙන් විවාද කර ගත් අපි මේ දින පහ තුළම සිදු කළේ එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගැනීම හැර වෙන කුමක්දැයි ද. ඇසූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අධිකරණ පද්ධතිය තුළ යල් පැන ගිය නීති රීති තිබෙනවා. ඒවා සංශෝධනය කළ යුතුයි. මේ අය-වැය අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතාට යෝධ ශක්තියක් වනු ඇති. වර්තමානයට ගැළපෙන ලෙස නීති සැදිය යුතුයි. සිරකරුවන් ද මනුෂ්‍යයන් ය. ඔවුන්ට මිනිසුන් ලෙසද සලකන්නේ. ශිෂ්ටාචාරයක් මැනිය හැක්කේ සිරකරුවන් තුළින්. අයවැයක් කී සැණින් සිහියට එනුයේ භෞතික දේවල්. එතැනින් එහාට ගිය ආකල්පමය වශයෙන් ගුණාත්මක දේවල් ඇති කළ යුතුයි. ළමා අපචාරත් සිදු වෙනවා. ශාරීරික මානසික ලිංගික වශයෙන් ළමා අපචාර සිදු වෙනවා. සෑම පැයකට වරක්ම ළමා අපචාර සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් වෙනවා. සමාජයේ දරුවන් ආරක්ෂා කර ගන්නා ආකාරය, දරුවන්ට සලකන ආකාරය යනාදිය වර්තමානයේ ශිෂ්ට සමාජ පදනම් කර ගන්නා දර්ශක වී තිබෙනවා. දරුවන් දැනුම්වත් කිරීම මඟින් දරුවන් ආරක්ෂා කර ගත හැකියි. ඒ තුළින් සමාජ ව්‍යසනවලින් දරුවන් බේරා ගත හැකියි. ආකල්පමය වෙනසක් ඇති කිරීම අයවැයෙන් සිදු කළ යුතු වෙනවා. මේ අයවැය ඉතිහාසයත් සමඟ සන්සන්දනය නොකර වර්තමානය සමඟ ගැළපීමක් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. යැයි පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles