Friday, March 29, 2024

විසි වසරකට පසු හඹා යමින් ජයග්‍රහණයක්…!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග පහකින් යුත් එක්දින තරගාවලියේ 2-1 ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.

ශ්‍රී ලංකාව හඹා යමින් ජයග්‍රහණය කළ සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස හැදින්විය හැකිය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු හයක් දැවී ලකුණු 292 ක ඉලක්කයක් ලබාදුන් අතර පිටියට පිවිසි දික්වැල්ල සහ පැතුම් සාර්ථක ආරම්භයක් ලබාගත්තේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක සිය කුළුඳුල් ශතකය වාර්තා කළ අතර එය ලකුනු 137ක් විය. වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ධනංජය සිල්වා ලකුනු 25කට දැවී ගිය අතර කඩුළු හතරක් පමණක් දැවී තිබියදී ඉලක්කය සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා කන්ඩායම සමත් විය.

ලබන අගහරුවාදා මීලග තරගය පැවැත්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles