Friday, April 19, 2024

වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීම අඩු කරන්න – පාදෙණියගෙන් යෝජනාවක්

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේ දී බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්නැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අගමැතිවරයා හමුවේ ඉල්ලීමක් කර තිබේ.

වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයන්ගෙන් ආදායම් බදු අය කිරීමේ දී යහපාලන කාලයේ පැවති ප්‍රතිපත්තිය වෙනුවට මහින්ද රාජපක්ෂ යුගයේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නැයි එහිදී ඉල්ලා ඇත.

සියයට 12 ක්ව පැවති ආදායම් බදු යහපාලන ආණ්ඩුවෙන් සියයට 24 ක් දක්වා වැඩි කර ඇති බවත් වෘත්තිකයන් ව්‍යාපාරිකයන් ලෙස සලකා ඒ මට්ටමෙන් මෙම බදු අය කිරීම සිදුවන බවත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දී තිබේ.

අදාළ ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ඊට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡාවක් සූදානම් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයේ දී ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්ව ජාතික වැටුප් ප්‍රතිපත්තිය මත පිහිටා වැටුප් කොමිසමේ නිර්දේශ අනුව වැටුප් සම්බන්ධ ගැටලු විසඳන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු මෙහි දී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles