Thursday, April 25, 2024

වෙළෙන්දෝ බිත්තර-කුකුළු මස්-පොල්තෙල් නොදන්වා වැඩි කරති

වෙළඳපොලේ බිත්තර, කුකුලුමස්, පොල්තෙල් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 30 සිට 32 අතර දක්වා මිලකට අළෙවි වන බව පාරිභෝගිකයෝ සඳහන් කරති.

සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 285ත් 390ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි. මෙයට අමතරව හම රහිත කුකුලු මස් කිලෝවක් රුපියල් 900 ත් 960ත් අතර මිලකට අළෙවි වන බවද ඔව්හු පවසති.

හම සහිත කුකුලු මස් කිලෝව රුපියල් 780ත් 850ත් අතර මිලකට අළෙවි වෙති. පොල් තෙල් බෝතලයක මිලද රුපියල් 650ත් 700 ත් අතර මිලකට අළෙවි වන බවත් ඔවුහු සඳහන් කරති

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles