Friday, March 29, 2024

ශ්‍රී ලංකාවට තවත් ටෙස්ට් ජයක්!

පාකිස්ථානය සමඟ පැවති 02 වන ටෙස්ට් තරගයෙන් ලකුණු 246ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ 100 වැනි ටෙස්ට් තරගය මෙය වූ අතර 2009 දීත් ඔහුගේ පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණයකින් කෙළවර වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට රැස් කළ ලකුණු 508ක ඉලක්කය හඹා යමින් සිටි පාකිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 261ක් පමණයි.

පාකිස්ථාන කණ්ඩායම වෙන‍ුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ බාබර් අසාම් ලකුණු 81ක් රැස් කරගැනීමට සමත්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවිමේ දී ප්‍රභාත් ජයසූරිය ලකුණු 117කට කඩුළු 05ක් සහ රමේෂ් මෙන්ඩිස් ලකුණු 101ක‍ට කඩුළු 04ක් ලබාගැනීමට සමත්වුනා.

ඒ අනුව තරඟාවලිය 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් වුනා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles