Thursday, April 25, 2024

ශ්‍රී ලංකාවට සහායදීමේ සාකච්ඡා ආරම්භ කළ බව IMF නිවෙිදනය කරයි

ශ්‍රී ලංකාවට සහාය දීමේ වැඩසටහනක් සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා.

එහි ප්‍රකාශක ගෙරී රයිස් සඳහන් කලේ රට මුහුණ දී ඇති දැවැන්ත විනිමය අර්බුදය සහ උද්ධමනය හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි.

අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් පොලී අනුපාත පහළ මට්ටමක පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවයි මූල්‍ය අරමුදල අනාවරණය කරන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජජපක්ෂ මහතා සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

පසුව ජාතිය අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කල බවයි.

ශ්‍රී ලංකාවට උපකාර කල හැකි සුදුසුම ආකාරය ලබන මාසයට යෙදී ඇති මුදල් අමාත්‍යවරයාගේ වොෂින්ටන් සංචාරයේදී තීරණය කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ගෙරී රයිස් සඳහන් කලේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් නිර්දේශ කිහිපයක්ද ලබාදුන්නා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles