Wednesday, April 24, 2024

ශ්‍රී ලංකාව පළමු ඉනිමට 386යි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 386ක් රැස්කරනු ලැබීය.

අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් නායක දිමුත් කරුණාරත්න ලකුණු 147ක් රැස්කර ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 56ක්, ධනංජය ද සිල්වා ලකුණු 61ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 45ක් බැගින් රැස්කරනු ලැබීය.

රොස්ටන් චේස් ලකුණු 83කට කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.

කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 113යි

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගයේ දෙවන දිනය අවසන් වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස්කර සිටියේය.

ඉනිම ඇරඹුමේ ම කොදෙව් කඩුලු දඩයම ඇරඹූ රමේෂ් මෙන්ඩිස් දෙවන දිනය නිම වනවිට පන්දු වාර 6ක් යොමුකර ලකුණු 23කට කඩුලු 3ක් දවාගත්තේය.

ඔහුට අගනා සහයක් දුන් ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 25කට කඩුලු 2ක් දවාගතේය.

පළමු දිනය නිමවනවිට ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ලක් ලබාගත්තේය.

පන්දුවට පහරදුන් කොදෙව් පිතිකරුවන්ගෙන් සාර්ථක ඉනිමක් ගොඩනැගූ ක්‍රේග් බ්‍රේත්වේට් ලකුණු 41ක් ලබා සිටියදී රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට නිස්සංක අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී ගියේය.

ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles