Friday, March 29, 2024

සජිත්ගේ ඩයිනමෝව ප්‍රමාද වී ක්‍රියාත්මක වේ….

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත. එයින් ඉල්ලා සිටින්නේ තමාට අගමැතිකම ලබාදෙන ලෙසයි.

ලිපිය පහතින්.,

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,
පසුගිය දිනක ඔබතුමා දුරකථනයෙන් මා අමතා අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස කළ යෝජනාව සහ අති ගෞරවණීය මහා නායක ස්වාමීන් වහන්සේලාගේත් අනෙකුත් ආගමික නායකයින්ගේත් ඉල්ලීම පරිදි අවස්ථා කීපයක් සමගි ජන බලවේගයේ හා සමගි ජන බල සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කළෙමි. ඒ අනුව පහත සඳහන් එකඟතා වලට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමඟ එක්ව කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමටත් තීරණය කර ඇති බව ප්‍රකාශ කරමි.
ඔබතුමා ඊයේ ජාතිය අමතා කළ ප්‍රකාශනයේද ඇති පරිදි,

  1. නිශ්චිත අවම කාළ රාමුවක් තුල ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට ඒකඟ වීම.
  2. සති දෙකක කාලයක් තුළ සියලුම පක්ෂ සහයෝගයෙන් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම.
  3. අප විසින් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ගැසට් කර ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනුව ඉතාම අවම කාලයක් තුල සියලු පක්ෂ එක්ව සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීම.
  4. ජන ජීවිතය යථා තත්වයට පත් කොට, නීතියේ ආධිපත්‍ය තහවුරු කොට ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ස්ථිරසාර රජයක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි.
    ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත්, ඉදිරියේදී තව දුරටත් අගාදයට ඇද වැටෙන ආර්ථිකය පාලනය කිරීම සඳහාත් මට සහ අප කණ්ඩායමට ස්ථිරසාර පැහැදිලි වැඩපිළිවලක් ඇති බවත් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
    ඉහත සඳහන් කරුණු වලට අනුව නව කෙටි කාලීන රජය පිහිටුවීමේ රාමුව පිළිබඳව සහ හෙට දවසේ නව රජය දිවුරුම් දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් බව ප්‍රකාශ කරමි.
    ස්තූතියි.
    මෙයට – හිතවත්,

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ
සමගි ජන බලවේගයේ නායක

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles