Friday, March 29, 2024

සඳුදා නැවත පාසල් ඇරඹේ

2022 වර්ෂයේ දෙවන පාසල් වාරය අදින් අවසන් වනවා. ඒ අනුව තුන්වන පාසල් වාරය දෙසැම්බර් 5 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. තුන්වන පාසල් වාරය අදියර තුනක් යටතේ ක්‍රියාත්මකයි.

එහි පළමු අදියරය යටතේ දෙසැම්බර් 5 වනදා සිට දෙසැම්බර් 22 වනදා දක්වා පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.

2023 වසරේ ජනවාරි දෙවනදා සිට 20 වනදා දක්වා තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ක්‍රියාත්මකයි. එහි තුන්වන අදියරය යටතේ පාසල් ආරම්භ වන්නේ පෙබරවාරි 20 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles