Saturday, April 20, 2024

සපුගස්කන්ද වැඩ අරඹයි. පඩි වැඩිවීම් නං නෑ!

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවා කටයුතු යළිත් ආරම්භ කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව විවෘත කිරීමෙන් පසු ඉදිරි දින 6 තුළ ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරන බව Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළා.

ඊයේ (26) දිනය මෙරට ඇති ඉන්ධන ප්‍රමාණ සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහි සඳහන් කර තිබෙනවා.

  • ඩීසල් – මෙට්‍රික් ටොන් 23022 ක්.
  • සුපර් ඩීසල් – මෙට්‍රික් ටොන් 2588 ක්.
  • ඔක්ටේන් 92 පෙට්‍රල් – මෙට්‍රික් ටොන් 39968 ක්
  • ඔක්ටේන් 95 පෙට්‍රල් – මෙට්‍රික් ටොන් 7112 ක්
  • ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 3578 ක්

    ඒ අතරම රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles