Friday, March 29, 2024

සජබයට එරෙහි ඩයනාගේ පෙත්සම කැඳවීමට දින නියම කෙරේ

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

එම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා .

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 13 වනදා ට පෙර ගොනුකරන ලෙස එහි වගඋත්තරකරුවන්ට අධිකරණය නියෝග කළා.

සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පෙර සාධාරණ විනය පරීක්ෂණයක් ලබා දීමට වග උත්තරකරුවන් ක්‍රියා නොකළ බව චෝදනා කරන පෙත්සම්කාරිය මේ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති වී නීතිමය මූලධර්මය උල්ලංඝණය කර ඇති බවද චෝදනා කර සිටිනවා.

ඒ අනුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීතිය ඉදිරියේ බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles