Friday, April 19, 2024

සමනල අඩවිය ඇතුළු පරිසර පද්ධති අවදානමි තත්ත්වයක


ලෝක සංරක්ෂණ සංගමය (IUCN) විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව ලෝක උරුමයක් ලෙස සැලකෙන සිංහරාජයත්, කඳුකරය ආශ්‍රිත නකල්ස්,හෝටර්න් තැන්න, සමනල අඩවිය ආදී පරිසර පද්ධති අවදානම් තත්ත්වයේ පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය දේවක වීරකෝන් පැවසීය.

“ශ්‍රී ලංකා රාජ්‍යයේ පරිසර පොත” එළි දැක්වීම සඳහා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් කොළඹ, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරීමේ ආයතනයේදී ඊයේ (22 වැනිදා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

State of Sri Lanka’s Environment නැමැති මෙම ග්‍රන්ථය පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ විසින් මහාචාර්ය දේවක වීරකෝන්ට සහ පාරිසරික නීතිඥ, ආචාර්ය ජගත් ගුණවර්ධනට පිරිනැමුවේය.

ශාක හා සත්ව විශේෂවලට දිගින් දිගටම එල්ල වන බලපෑම් නිසා සිංහරාජයේ සහ කඳුකර වනාන්තර අවදානම් තත්ත්වයට පත්ව තිබේ.

ඉකුත් 2020 වසරේදී කළු දිවියෙකු ඇතුළු දිවියන් විසි දෙනෙකු මියගොස් ඇති බවත්,නීති විරෝධී ලෙස සතුන් දඩයම ඉහළ ගොස් තිබෙන බවද මහාචාර්යවරයා කීවේය.

වනාන්තර කිසි දිනෙක අවශේෂ නොවන බවත්,කුඩා කැලෑ ප්‍රදේශයක් වුවත් සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීම මගින් සත්ව විශේෂවලට බරපතළ තර්ජනයක් එල්ල වන බවත්, 2019 වසරට සාපේක්ෂව 2020 වසරේදී අලි මරණ සියයට 150 කින් වැඩිවී තිබෙන බවද ඔහු පවසයි.

සාලිය කුමාර ගුණසේකර – අරැණ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles