Thursday, April 25, 2024

සහරාන් ගැන කියූ රහසිගත ලිපියක් එළියට

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් අත්අඩංගුවට ගත යුතු බවට හිටපු රාජ්‍ය බුද්ධ් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත යැවූ ලිපියක් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සිය ෆේස්බුක් ගිණුම වෙත මුදාහැර තිබෙනවා.

යහපාලන රජය සමයේ බුද්ධි අංශ ප්‍රධානීව සිටි නිලන්ත ජයවර්ධන විසින් එවකට පොලිසිය භාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර වෙත මෙම ලිපිය යොමුකර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.මෙම ලිපිය යොමුකර ඇත්තේ පාස්කු ප්‍රහාරයට මාස 11ට පෙරයි.

මෙම සිද්ධිය පිලිබදව විමර්ශන කළ ජනාධිපති කොමිසම් සභාව, හිටපු රාජ්‍ය බුද්ධ් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වගඋත්තරකරුවකු ලෙස නම් කළ අතර මෙම රහසිගත ලිපිය සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කෙරැණා.

එමෙන්ම මෙම අන්තවාදී දේශකයා විසින් 2016 වසරේ සිට අයි.එස් සංවිධානයේ මතවාදය සාධාරණීකරණය කරමින් අන්‍යාගමිකයන් ඝාතනය කරමින් ඉස්ලාම් රාජ්‍යයක් ඇති කළ යුතු බවට ප්‍රචාරණය කර ඇතැයි ද අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.

“ජාතික තවුහිද් ජමාද් නායකයා විසින් නබිතුමාගේ යුද්ධයේ ඉතිහාසය සහ ජිහාදය සම්බන්ධව සිය අනුගාමිකයන් දැනුවත් කිරීම” යන මාතෘකාව යටතේ යොමුකර ඇති මෙම ලිපිය මගින් පෙන්වාදී ඇත්තේ සහරාන් විවිධ දේශන සිදු කරමින් ෂරියා නීතිය ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍යයක් ඇති කිරීමට අන්‍යාගමිකයන් සමග සටන් කළ යුතු බවට මතයක් සිය අනුගාමිකයන් තුල පෝෂණය කිරීමට උත්සාහ දරන බවට වාර්තා වී ඇති බවයි.

එමෙන්ම මෙම අන්තවාදී දේශකයා විසින් 2016 වසරේ සිට අයි.එස් සංවිධානයේ මතවාදය සාධාරණීකරණය කරමින් අන්‍යාගමිකයන් ඝාතනය කරමින් ඉස්ලාම් රාජ්‍යයක් ඇති කළ යුතු බවට ප්‍රචාරණය කර ඇතැයි ද අදාළ ලිපියේ සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ,හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ විභාගයට ගත් අවස්ථාවේ අනාවරණය වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකරැවෙකු ලෙස නම් කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles