Thursday, March 28, 2024

සිද්ධස්ථාන වලට නොමිලේ විදුලිය! ජනවාරි නිසැක බිල වැඩිවීමක්…

ජනවාරි මාසයේ සිට නිසැක වශයෙන්ම විදුලි ගාස්තු නැවත වැඩිවන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අදහස් දක්වමින් ඒ් මහතා මෙසේ පැවසීය.

“ජනවාරි මාසයේ 02 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න යෝජනා කරලා තියෙනවා. ක්‍රමවේද 20 ඇතුළේ  අඛණ්ඩව ලබන අවුරුද්දේ විදුලිය ලබාදීම වෙනුවෙන් වියදම පමණක් සාමාන්‍යයෙන් ඒකකයක් රුපියල් 48.42ක් බවට පත්වෙයි කියලා තමයි උපකල්පනය කරන්නේ. 

“අපි මේ ගාස්තු සංශෝධනයක්නොකර මේ කටයුකුත්ත සිදුකරන්න සිද්ධ වෙනවා නම් ආණ්ඩුව වෙත තියෙන විකල්ප ක්‍රමය තමයි එක්කෝ බදු වැඩිකරන්න වෙනවා. මේ මුදල පියවා ගැනීම සඳහා එහෙම නැතිනම් මුදල් මුද්‍රණය කරන්න සිදු වෙනවා. එහෙම නැතිනම් අපිට තවත් පැය කිහිපයකට විදුලි කප්පාදුව කරන්න වෙනවා.” 

මාධ්‍යවේදියෙක් – “යෝජනා කරන ආකාරයට විදුලි මිල වැඩිකරන්න වුණොත් ජනවාරි සිටම පරිභෝගිකයන්ට ගෙවන්න වෙයිද ?”

අමාත්‍ය කංචන විජේසේකර – “ඔව්. ජනවාරි අවසානයේ සිට බිලට එකතු කිරීම සඳහා තමයි යෝජනා කරලා තියෙන්නේ.” 

එලෙසම කිලෝවොට් 5ක සූර්යබල පද්ධතියක් සෑම ආගමික සිද්ධස්ථානයකටම නොමිලේ ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඉන්දීය ණය සහනාධාර යටතේ, මාස තුනක් ඇතුළත එම සූර්යබල පද්ධති ලබාදීමට කටයුතු කරන බවයි ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles