Friday, March 29, 2024

සිමෙන්ති,වානේ ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා ක්ෂේත්‍රයේ නියැලෙන්නන් දැඩි අපහසුතාවයට

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ පසුගිය දින කිහිපය තුළ සිමෙන්ති, වානේ ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමේ තත්ත්වයක් තිබෙන බව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් පවසනවා.

මේ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර ඇතැම් ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවන්ට අමතර මුදලක් ගෙවීමටද රජයට සිදුවී තිබෙනවා.

රටේ පවතින තත්ත්වය හේතුවෙන් සිමෙන්ති නිෂ්පාදනයද බරපතල ගැටලු රැසකට මුහුණ දීමට ඇති බවද වාර්තා වනවා.

නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිකිරීම් ද්‍රව්‍ය වල හිඟ බවක් නොමැති අතර ඒවායේ මිල වැඩි වීමක් දක්නට ලැබෙන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles