Friday, March 29, 2024

සීනි ආනයනකරුවන් පාරිභෝගික අමාත්‍යාංශයට

වෙළඳපොළේ පවතින සීනී අර්බුදය නිමා කිරිම සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට පහසුකම් සලසන ලෙස ඉල්ලමින් සීනී ආනයනකරුවන් අද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හමුවුණා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් මහබැංකු අධිපතිවරයා ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි. සීනී ආනයනය කිරිමට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 18 ක මුදලක් ආනයනකරුවන් මීට පෙර රජයෙන් ඉල්ලා සිටියා.

ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙනුයි ඊයේ දින සීනී ආනයනකරුවන් විෂයභාර අමාත්‍යවරයා හමුවුණේ.

අවම වශයෙන් මාසයක් සඳහා අවශ්‍ය කරන සීනී මෙටි්‍රක් ටොන් 30,000 ක් ආනයනය කිරිමට ඔවුන් මෙම මුදල ඉල්ලා තිබෙනවා.

දැනට වෙළඳ පොළේ උග්‍ර සීනී හිඟයක් පවතින අතර, මේ හේතුවෙන් සීනී කිලෝග්‍රැමයක් රුපියල් 170 දක්වා මිළකට අලෙවි වන්නේ රජය විසින් සුදු සීනි සඳහා රුපියල් 122 කත්, දුඹුරු සීනි සඳහා 125 කත් පාලන මිලක් ද පනවා තිබියදීයි.

ඒ අනුව, සුපිරි වෙළඳසැල් ඇතුළු බොහෝ වෙළඳසැල්වල සීනි කිලෝග්‍රෑමයක් පමණක් අලෙවි කරන බව අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles