Friday, April 26, 2024

සීනි 200ට නඟී – ඩොලර් නැති නිසා සීනි ගෙන්න විදියක් නැහැ

ආනයනය සඳහා අවසර පැවතුණ ද රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් සීනි ආනයනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එවන් පසුබිමක් තුළ වෙළපොළේ දින කිහිපයක සිට සීනි හිඟයක් නිර්මාණය වී ඇත. ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 200 කට ආසන්න මිලකට ද ප්‍රදේශ වල විවිධ මිල ගණන් යටතේ අලෙවි වේ.

කෙසේවෙතත් මෙරටට අවශ්‍ය සීනි ප්‍රමාණය ගෙන්වා ගැනීමට අදාළව අද සහ හෙට දිනවල ආනයනකරුවන් සමඟ සාකච්ඡා පවත්වන බව ද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles