Saturday, April 20, 2024

සුඩාන හමුදාව රාජ්‍ය බලය අල්ලයි

ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කරන ලෙස දහස් ගණනින් ජනතාව වීදි බැස උද්ඝෝෂණයේ නිරතව සිටියදී සුඩාන හමුදාව විසින් එරට රාජ්‍ය බලය අත්පත් කරගෙන තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ සුඩාන හමුදා නායක ජෙනරාල් බර්හාන් රටේ බලය අත් කර ගත්තේ අගමැති අබ්දුල්ලා හම්ඩොක් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් ඇතුළතදී බවයි.

සුඩානයේ සිදු වූ මේ හමුදා කුමන්ත්‍රණය අන්තර්ජාතික වශයෙන් දැඩි අප්‍රසාදයට ලක්වී ඇති අතර, මේ කුමන්ත්‍රණය හෙළා දකින බවටත්, හමුදා රජය පිළිගත නොහැකි බවටත් නිවේදන නිකුත් කර තිබෙනවා.

මේ වනවිට සුඩානයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර, කාටුම් අගනුවරට දැඩි හමුදා රැකවල් දමා තිබේ.

කාටුම් නුවර පිහිටි අන්තර්ජාතික ගුවන්තොටුපොල මේ වනවිට වසා දමා ඇති අතර, අන්තර්ජාල පහසුකම් ද අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles