Thursday, March 28, 2024

සේපාල් ජාතියෙන් සමාව ගනී…

තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහානායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සමස්ත භික්ෂූන් වහන්සේලාගෙන් සහ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගෙන් දැඩිව සමාව අයැද සිටින බව සේපාල අමරසිංහ නමැත්තා ලිඛිතව දන්වා තිබේ.

අදාළ නඩුව අද (14) කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා එම සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව ලිඛිතව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බවය.

එම ලිපියට අනුව, කිසිදු ආගමික හෝ ජනවාර්ගික කොටසක හැඟීම්වලට බලපාන්නාවූ සංවේදී කාරණයන් සම්බන්ධයෙන් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් මින් මතුවට සිදු නොකරන බවත් ඔහු එහිදී එකඟවී තිබෙන බවද නීතීඥයින් අධිකරණයට සඳහන් කර ඇත.

2022 වසරේ දෙසැම්බර් 29 වනදා දළදා වහන්සේට සහ බුදු දහමට අපහාස වන ආකාරයට ඔහු සිය යූටියුබ් නාලිකාව ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ලවීමෙන් පසු ජනවාරි මස 05 වනදා සේපාල අමරසිංහ නමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.

ඒ, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අනුවය.

ඉන් අනතුරුව සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

සැකකරුව අද යළිත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 21 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles