Saturday, April 20, 2024

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් සජබ විරෝධතාව සංවිධාන කළ පුද්ගලයින්ට වැඩ වරදී

ජීවන වියදම ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගෙන සමගි ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පාගමනට එක් වූ පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම හේතුවෙන් එය සංවිධාන කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාව ඊයේ විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ කළ අතර, පසුව එය ගාලු මුවදොර ආසන්නයට පැමිණියා.

මීට පෙර මෙම විරෝධතා රැලිය හයිඩ්පිටියේ දි පැවැත්වෙන බව සමගි ජන බලවේගය ප්‍රකාශ කළ අතර, එවැනි තත්ත්වයක් තුල පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ කොළඹදී විරෝධතාව පැවැත්වීම වලක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහිදී ඇතැම් අධිකරණ විරෝධතා වළක්වමින් ද කොළඹ අංක 5 මහේස්ත්‍රාක් අධිකරණය ඇතුළු තවත් අධිකරණ කිහිපයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම විරෝධතාවය පැවැත්වීමට අවසර ලබාදෙමින් ද නියෝගයන් නිකුත් කළා.

කෙසේ වෙතත්, ඊයේ සංවිධාන කළ විරෝධතාවය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.

මේ අතර, ඊයේ පැවති මෙම විරෝධතාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පසුගිය දා විපක්ෂ නායක කාර්යාලයට සටහනක් ලබා දී ගිය පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීයා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අදාළව සිදු කළ විමර්ශනයකින් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු මන්ද මානසික අයෙකු බවට පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles