Thursday, April 18, 2024

හදිසි ගැසට් නිවේදනයක්!

1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් විසින්. 

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියළු සේවාවන්, ඛනිජ නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා. ඊට අමතරව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම, සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය ද එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබෙනවා. 

සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සදහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගනිමින් මෙම තීන්දුව ගෙන ඇත!

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles