Thursday, March 28, 2024

හරීන් දැන් කියන කතාව!

ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතු බවට වන සිය ස්ථාවරය දශමයකින් හෝ වෙනස්ව නොමැති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු හරීන් ප්‍රනාන්දු මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම අදහස් පළ කළේ ය.

සමගි ජන බලවේගය නිර්මාණය කරනු ලැබුවේත්, සජබ වෙනුවෙන් වැඩි වැඩ කොටසක් ඉටු කළේ ද තමන් බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ, පක්ෂය තමන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කරන්නේ නම්, ඒ පිළිබඳව සතුටු වන බවයි.

”මට විනය පරීක්ෂණ කරන්න ඕන. සජබේ හැදුවේ මම. සජබේ වෙනුවෙන් වැඩ කලේ වැඩියෙන්ම මම. මට සජබෙන් විනය පරීක්ෂණ කරනව නම් මම ඒගැන සතුටුයි”

පක්ෂය හැර දා නොගිය බවත් මේ මොහොතේ තමා සිදුකළේ, ස්වාධීන වීමක් බව ද අමාත්‍යවරයා සිහිපත් කළේ ය.

”රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අභියෝගය භාරගන්න කොට අපි ඉල්ලීමක් කළේ, අපේ පක්ෂෙට අඩුම ගානේ මේකට සහයොගයක් දෙන්න අපේ පක්ෂයෙන් මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් නම් කරන්න. අපේ නම් නම් කරන්න එපා කියලා”

ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටින මේ මොහොත දේශපාලනය ගැන නොව රට පිළිබඳ සිතා වැඩ කළ යුතු මොහොතක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

”නමුත් අපි දේශපාලන වශයෙන් බෙදිලා. බංකොලොත් නෙමෙයි. අපි ඩිෆෝල්ට් එකක් නෙමෙයි හාඩ් ඩිෆෝල්ට් එකක, අපි ඉන්නේ දේශපාලනය කරන තැනක නෙමෙයි. අපි ඉන්න ඕන මේ වෙලාවේ දේශපාලනය ගැන හිතලා නෙමෙයි. රට ගැන හිතලා”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles