Friday, April 19, 2024

හිරැණිකා කියන විදියට කුට්ටිආරච්චි කළ කතාවෙන් කාන්තා පරපුරටම අපහාස කළාද?

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ‌රටේ සමස්ත කාන්තා පරපුරටම අපහාස වන ආකාරයට පාර්ලිමේන්තුවේ අදහස් දක්වා ඇති බවට මේ වනවිට චෝදනා එල්ල වෙමින් තිබේ.

කුට්ටිආරච්චි මහතාට ඒ චෝදනාව එල්ල වන්නේ පාර්ලිමේන්තුවෙ කළ මෙම කතාවටය.

එය අසා කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කාන්තාවන්ට අපහාස කළාද යන්න තීරණය කිරීම ඔබ සතුය.

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සමස්ත කාන්තාවන්ටම අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කර ඇති බවත්, ඒ හේතුවෙන් හෙතෙම සමස්ත කාන්තා පරපුරෙන්ම සමාව ගත යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ සිට පහළට සියලු පුරුෂයන් කාන්තාවන් දෙස බලන ආකාරය, කාන්තාවන් පිළිබඳය සිතන ආකාරය පැහැදිලි වන බවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී පොදුජන පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයන් කාන්තාවන්ට, තරුණියන්ට, දියණියන්ට බලහත්කාරකම් සිදු කිරීමේ සිදුවීම් වාර්තා වූ බවද, ඇතැම් පුද්ගලයන්ට එරෙහිව ගොනුකළ නඩු තවමත් ක්‍රියාත්මක වන බවද ඇය පවසනවා.

කාන්තාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කාන්තාවන් කායිකව මෙන්ම මානසිකවද හිංසනයට ලක්වන බව පෙන්වා දෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, එවැනි හිංසන සිදු කරන සියලු පුරුෂයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මෙය අවස්ථාවක් කරගත යුතු බවත්, ඒ අනුව තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුව ප්‍රකාශයක් සිදුකර කාන්තාවන්ගෙන් සමාව ගන්නා තත්වයට ඔහු අසරණ කළයුතු බවත් පවසනවා. සමාජ ජාලා භාවිතා කරමින් ඊට දැඩි බලපෑමක් සිදු කරන බවත්, ඒ සඳහා එකතු වන ලෙස සියලු කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු මන්ත්‍රීවරිය වැඩිදුරටත් පවසනවා.

ඇය පෙන්වා දුන්නේ ඉදිරියේදී තිස්ස කුට්ටිආරච්චි නාමල් රාජපක්ෂ මහතාගේ බිරියටද මේ ආකාරයෙන්ම ආමන්ත්‍රණය කරනු ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles