Friday, April 19, 2024

හේෂා සහ චමින්දගේ තීන්දුව පිටුපස ඩයනා ගමගේ

හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් සමගි බලවේගය තුළ දැරූ සියලු තනතුරු තනතුරුවලින් ඉල්ලා අස්වීම පිටුපස ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සිටින බවට තොරතුරු වාර්තා වනවා.

විතානගේ සහ විජේසිරි යන මන්ත්‍රී දෙපළ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමඟ ඉතා කිට්ටුවෙන් වැඩ කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ප්‍රධානීන් දන්නා රහසක්.

ඇගේ වෛරය

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මේ වන විට සමගි ජන බලවේගයේ ඉවත් කර තිබීම මත ඇය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් සමග සිටින්නේ දැඩි වෛරයකින්.

එම වෛරය පිරිමසා ගැනීම සඳහා මෙන්ම සිය ප්‍රශ්නය වෙනතකට යොමු කිරීම සඳහා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය විතානගේ හා විජේසිරි යන මන්ත්‍රීවරුන් දෙපළ යොදා ගන්නා බවයි දැනගන්නට තිබෙන්නේ.

පක්ෂයෙන් නෙරපීම

විශේෂයෙන්ම ඇය පක්ෂයෙන් නෙරපීම දින දෙක තුනකට පෙර පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සමග ඇය සඳහන් කර තිබෙන්නේ තමාට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට සමගි ජන බලවේගයට නොහැකි බවයි.

එහෙත් ඇය නොදැනම ඇය පක්ෂයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේග කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමකදී අනුමැතිය ගත් ආකාරය පිළිබඳව ඇයි සිටින්නේ වික්ෂිප්තවී බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ තමාට එරෙහිව එවන් පියවරක් ගන්නේ නම් තමාට දැනුම් දෙන ලෙස ඇය ඇයට හිතවත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට දැනුම් දී තිබුණද ඔවුන්ද නොදැනුවත්ව ඇයව පක්ෂයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය සමත් වූ නිසා.

ඩයනාගේ ඔත්තු සේවාව

මෙසේ ඇය ඔත්තු බැලීමට යොදා ගත් අය අතර විතානගේ සහ විජේසිරි යන මන්ත්‍රී දෙපළද සිටි බව සමගි ජන බලවේගය ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මීට හරියටම වසරකට පෙර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත් අවස්ථාවේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමඟ හේශා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන්ද ආණ්ඩුව සමග ඡන්දය දීමට සූදානමින් සිටි බව ප්‍රසිද්ධ රහසක්.

එසේ ඡන්දය දෙන බවට ඔවුන් දෙපළ අග්‍රාමාත්‍යවරයාට සිය එකඟතාවය පළ කර තිබූ අතර එම හමුව සිදුවූයේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ නිවසේදී බවද වාර්තා වුණා.

ආරම්භය ශ්‍රී.ල.නි.පයෙන්

විතානගේ සහ විජේසිරි යන මන්ත්‍රී දෙපළම සිය දේශපාලනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරම්භ කළ අය.

ඒ මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරයාව හා ශ්‍රී.ල.නි.ප සභාපතිවරයාව සිටි අවධියේදීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles