Saturday, April 20, 2024

හෝටල්, ආපනශාලාවල හෙට සිට ආහාර සැපයුම නතර වන ලකුණු

ගෑස් හිගය හේතුවෙන් හෝටල් ආපනශාලා වල ආහාර සැපයුම හෙට (17) දිනයේ සිට සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් නතර කිරීමට ගෑස් සමාගම් ගත් තීරණයත් සමඟ ආපනශාලා මෙම අසීරු තත්ත්වයට මුහුණ දී සිටින බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ආපන ශාලා වසා දැමීමෙන් ලක්ෂ පහක පමණ ජනතාවකගේ රැකියා අවස්ථා අහිමි වන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මෙම ගැටළුවට කඩිනම් විසඳුමක් නොදුනහොත් රටපුරා ආපන ශාලා වල වළං පිඟන් ගෑස් ටැංකි ඔසවාගෙන ජනාධිපති කාර්යාලය අසලට පැමිණ කඳවුරු බඳින බවද සමස්ත ලංකා ආපනා ශාලා හිමියන්ගේ සංගමය සදහන් කරයි.

දිනකට සාමාන්‍ය ආපන ශාලාවකට ගෑස් ටැංකි දෙකක ගෑස් ප්‍රමාණවත් නොවන බව කී එම සංගමය ආපනශාලා සතුව වැඩිපුර ගෑස් ටැංකි නොමැති හෙයින් හෙට (17) දිනයේ සිටම ආපන ශාලා වසා දැමීමට සිදු වනු ඇති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles